2017 මැයි මස 23 වැනි අගහරුවාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Viraji Herath New Photo Shoot
Hiruni Liyanage New Photo Shoot
Madhu Liyanage New Photo Shoot
Gallege HanSani New Photo Shoot
Thushi Lakmali Actress New Photo Shoot
chatura alwis wedding photos
Loading...

මහින්දගේ කාලයේ නම් සුදුවෑන් එකක් - අපෙන් ශිෂ්‍යත්වයක්

September 1, 2016, 11:07 am   Views: 3335

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සයිබර් අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට නව නීති ගෙන එන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිරිකොතදී අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ජනපතිගේ නිල වෙබ් අඩිවියේ ආරක්ෂාව අඩු බව පිළිගන්නා බවයි.

කෙසේ වුවද අදාළ සිද්ධියට සම්බන්ධ‍ 17 හැවිරිදි ළමයා අධ්‍යාපනය අතින් දක්ෂයෙකු බවත්, ඔහුට ශිෂ්‍යත්වයක් ලබාදීම ගැන සලකා බලන බවත්, මෙම සිද්ධිය ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මෙවැන්නක් කළා නම් සුදු වෑන් එකක් ඒමට තිබූ බවත්, එහෙත් අපි ඔහු වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබාදීම ගැන අවධානය යොමු කරන බවත්, ඇමතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස කියා සිටියේය.

සරසවි සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම ගැනද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ කෙල්ලෝ - කොල්ලෝ එවැනි ක්‍රියාවලට ආසාවක් දක්වන බවයි.

පොලීසිය ආරක්ෂිත කලාපයකට පැමිණීමෙන් වළකින්නැයි දන්වා තිබියදී එය නොතකා පැමිණෙන්නේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලට මුහුණදීමට බවද අපිත් එවැනි කාලයක් පසුකළ බවද හෙතෙම කීවේය.

කුරුණෑගල සමුළුවට සහභාගිවීමට නොහැකියාවෙන් මහින්ද රාජපක්ෂ
රට හැර ගිය බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Loading...