2017 මැයි මස 23 වැනි අගහරුවාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Samadhi Wandana New Photo Shoot
natasha roshel New Photo Shoot
Nisandi Kariyawasam New Photo Shoot
Nathasha Perera New Photo Shoot
madhuri sewwandi New Photo Shoot
Shashi Anjelina New Photo Shoot
Loading...

ෆේස්බුක් එක පුරා ගිය යුරේනිගේ පඩේ CCTV වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න

September 7, 2016, 1:32 pm   Views: 16160

කාලයෙන් කාලයට විවිධ හේතු නිසා පුවත් මවන චරිතයක් වී සිටින තරුණ නිළි යුරේනි නොෂිකා පිළිබඳව මේ දිනවල නැවතත් බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, දින කිහිපයක සිට Facebook සහ අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් හුවමාරුවන, CCTV වීඩි‍යෝවක් නිසා යි.

විදුලි සෝපානයක, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්නා විදිහට කිවහොත් “ලිෆ්ට් එකක්” තුළ සවිකළ CCTV වීඩියෝවක් තමයි මේ විදිහට හුවමාරු වෙන්නේ.

වීඩියෝව ඇරඹෙන්නේ මේ ලිෆ්ට් එක ඇතුළට යුරේනි පැමිණෙන දර්ශනයෙන්.

මොහොතක් ගතවෙද්දී යුරේනි හැර ලිෆ්ට් එක තුළ සිටින සියළු දෙනාම මහත් අපහසුතාවයෙන් සිටින බව පෙන්නුම් කරනවා.

යුරේනිගේ ශරීරයෙන් හමන දුගඳක් නිසා ඔවුන් අපහසුතාවයට ලක්වෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ.

යුරේනි ලිෆ්ට් එකෙන් පිටව ගිය පසු ද ඔවුන් නාසය වසාගෙන මහත් අපහසුතාවයෙන් ඇඹරෙන අයුරු දක්නට පුළුවන්.

මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමග විශේෂයෙන් මෙරට Facebook පරිශීලකයින් අතර වේගයෙන් පැතිර යන්නට වුණා.

බොහෝ දෙනෙකු සැබෑ වීඩියෝවක් බව සිතුවත් මෙය සැබෑවක් නොවන බව යි සිංහල පුවත් ගොසිප් අංශයට වාර්තා වන්නේ.

සැබැවින්ම මෙම වීඩියෝව එක්තරා සමාගමක වෙළඳ ප්‍රචාරණය සඳහා යොදාගත් එකක් බව අපට වාර්තා වෙනවා.

දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව සුවඳ විලවුන් දැන්වීමක් සඳහා තමයි මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර තිබෙන්නේ.

එමෙන්ම මෙවැනිම ආකාරයේ වෙළඳ දැන්වීමක් මීට පෙර විදේශයන්හි ප්‍රචාරය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ බව නොදැන මෙය සැබෑවක් බවට රැවටී වීඩියෝව ෂෙයා කළ පිරිස හරහා අදාළ සමාගම නොමිලේම මහත් සාර්ථක ප්‍රචාරයක් ලබාගනිමින් සිටින බව ද කිව යුතුයි.

මෙහි දෙවැනි කොටස, එහෙමත් නැත්නම් මෙම වීඩියෝව කුමක් ද යන්න පැහැදිළි කෙරෙන ඊළඟ දැන්වීම ළඟදීම අන්තර්ජාලයට සහ ජනමාධ්‍යයට මුදා හැරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙය සැබෑ වීඩියෝවක් බවට වරදවා වටහාගත් ඇතැමුන් යුරේනිට අපහාසවන අන්දමින් අදහස් පළ කොට තිබෙන අයුරු ද දක්නට ලැබුණා.

 

sinhalapuvath 

Loading...