2017 ජනවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Oshadi Himasha Chavindi New Photo Shoot
nishi new photo shoot
Nadeema Chathurani New Photo Shoot
Nisansala Madushani New Photo Shoot
Yureni Noshika wedding photos Shoot
tillakaratne dilshan farewell moments
Loading...

2017 ජනවාරි මස 01 වන ඉරිදා - අද දවස ඔබට කොහොමද?

January 1, 2017, 3:55 am   Views: 6772

මේෂ ලග්නය

අලුතෙන් යමක් ආරම්භ කරන්නට සිත තුල නළියන බලාපොරොත්තු ඇති වන දවසක් ලෙස අද දිනය හඳුන්වන්නට පුළුවන්. ඒ නිසාම ඔබ බොහෝ සැලසුම් සකස් කරන දිනයක් ලෙසින් ද අද දිනය හඳුන්වන්නට පුළුවන්. හැබැයි අනවශ්ය ආකාරයට කටයුතු කල් දමන ආකාරයකුත් අද දිනයේදී දක්නට ලැබෙනවා.
වෘෂභ ලග්නය

මවු පාර්ශවිය ඥාතින් සමග පවතින සම්බන්දතා බොහොම පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. පින් සිතිවිලි වර්ධනය වන නිසාම අන් අයත් සමග බොහොම දැහැමි සිතින් යුතුව කටයුතු කරන්නට හැක. ඒ වගේම අන් අයගේ වේදනාවන් වෙනුවෙන් ඔබ පෙනී සිටින දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්.
මිථුන ලග්නය

ඔබට අද දිනය යහපත් වුවත් යම් ආකාරයක කලබලකාරී ස්වභාවයකින් යුතුව කටයුතු කරන්නට සිදු වනවා ඇත. බොහෝ කටයුතු වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙනවා. ඔබගේ කටයුතු නිම කරගැනීමට කාලය මදි වන ආකාරයක් පවතිනවා. ඒ නිසා උදෑසන සිටම සැලසුම් සහගත ලෙස කටයුතු කළ යුතුයි.
කටක ලග්නය

ඔබ කරන කියන කටයුතු වලින් ඔබගේ ආර්ථිකය වඩ වඩා දියුණු කරගැනීමට හැකියාවක් පවතිනවා. විනෝදකාමී ආකාරයෙන් දවසේ කටයුතු පවත්වාගෙන යන්නට ඔබ උත්සාහ දරනවා. නමුත් මුත්රාආශය, කොන්ද ආශ්රිුතව ආබාධතා වලින් දවසේ කටයුතු වලට යම් බාධා ඇති වීමට හැකියි.
සිංහ ලග්නය

ජයග්රාගහි මානසිකත්වයෙන් යුක්තව තමයි අද දවසේදී ඔබ කටයුතු කරන්නේ. ඒ වගේම ඔබ අතගසන සෑම කටයුත්තක්ම පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඔබ යම් ආයෝජනයක් කරලා තිබෙනවානම් ඒවගේ ප්ර තිඵල ලබාගැනීමට හැකියාවක් පවතිනවා. මිතුරුකම් වර්ධනය වේ.
කන්‍යා ලග්නය

ඔබ අද දවසේ අන් අයගේ ප්රරසාදයට ලක් වීමේ අවස්තාව වැඩියි. ඒ නිසාම පොදු කටයුතු වලට මැදිහත් වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කර පවතිනවා. ඒ සෑම අවස්තාවකදීම ඔබගේ වචනය අන් අය විශ්වාස කරන ආකාරයක් දක්නට ලැබෙනවා. අනපේක්ෂිත ගමන් කිහිපයක් ඇති වන්නට පුළුවන්.
තුලා ලග්නය

ඔබට මේ වසර උදා වන්නේ ලග්න එරාෂ්ඨකයක අවසාන කාලය සනිටුහන් කරමින්. අද දිනයේදී ඔබ ඔබගේ සෞඛ්යේ පිළිබඳව වෙනදාට වඩා සිතා බලා කටයුතු කල යුතුයි. සෙම් සහිත රෝග වලින් යම් ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් ඇති වන්නටද පුළුවන්. ගණිත මිණිත ආශ්රිුත කටයුතු වල නිරත වන තුලා ලග්න හිමියන්ට යහපත්.
වෘශ්චික ලග්නය

අද දවසේ ඔබගේ කටයුතු වල අනපේක්ෂිත වෙනස්කම් රාශියක් ඇති වන්නට හැකියාවක් පවතිනවා. අන් අය අතර ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්නටද ඔබට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම සිනාසී කටයුතු කරනු ඇත. ඔබගේ දියුණුවට අන් අයගේ අතහිත පහසුවෙන්ම ලඟා කරගැනීමට හැකියාවක් පවතිනවා.
ධනු ලග්නය

අද දිනය පුරා ඔබට මුරණ්ඩු සහ ආවේගශීලි ගති ලක්ෂණ ඇති කරන්නට හැකියි. සහෝදර පාර්ශවිය කටයුතු වලටත් යම් ආකාරයක මැදිහත් වීමක් කරන්නට සිදු වනවා. ඒ හරහා ඔබ තරමක කාර්යබහුල ස්වභාවයකුත් අද දවස තුල ඇති කරවනවා. ඔබ සතුටින් සිටින්නට උත්සාහ දරනවා. ඒ උත්සාහය තුල මුරණ්ඩු ස්වභාවය යම් ආකාරයකට යටපත් කරගන්නට පුළුවන්.
මකර ලග්නය

ඔබ වියපැහැදම් කරන විට ඒ කුමන කාරනාවක් සඳහාද යන වග හොඳින් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. එසේ ම වැඩ කටයුතු නිසි පරිදි සැලසුම් කිරීම තමයි ඉතාමත්ම වටින්නේ. එමෙන්ම ප්‍රීතිමත් අවස්ථා වලට සහභාගී වීමට ඔබට ආරාධනා හොඳින්ම ලැබෙනු ඇත.
කුම්භ ලග්නය

ඔබ ඔබගේ හිතවත් උදවිය සමග ගනුදෙනු කරන විට ඉවසිලිවන්තව කටයුතු කිරීම තමයි ඉතාමත්ම වටින්නේ. ඔබ අන් අය වෙනුවෙන් කැප වෙනවා මෙන්ම අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස වනු ඇත. අනවශ්‍ය පිඩා මගහරවාගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඇස් ආශ්‍රිත රෝග පිඩා ඇති වීමට ඉඩ ඇත.
මීන ලග්නය

ඔබට ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබෙනවා. කෙටි ආර්ථික තත්වයන්ගෙන් ආදායම් උපයනවා ඇත. උෂ්ණ රෝග වලින් පිඩා ඇති වීමට ඔබට හැකියාවක් පවතින නිසා සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. සීවලී පිරිත සජ්ජායනා කර දවස අරඹන්න.

Loading...