2017 දෙසැම්බර් මස 17 වැනි ඉරිදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Kaushi Perera New Photo Shoot
Teena Shanall New Photo Shoot
Nisansala Madushani New Photo Shoot
Udari Warnakulasooriya Face Book Photo
piumi hansamali New Photo Shoot
Ishi Amarasinghe New Photo Shoot
Loading...

2017 ජනවාරි මස 02 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?

January 2, 2017, 7:22 am   Views: 311

මේෂ ලග්නය

අද දවසේ පමණට වඩා අන් අය විශ්වාස කරගෙන කරගෙන කරනු ලබන කටයුතු එතරම් සාර්ථක වන ආකාරයක් පෙන්නුම් නොකරයි. ඔබට අද දිනයේදී රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. එය ඉතා ශුභයි. විශේෂයෙන් අද දිනයේ ඔබ ගනුදෙනු වලදී ප්‍රවේශම් වීමවැදගත්.
වෘෂභ ලග්නය

අද දිනයේදී පවුලේ අයගේ අවවාද අනුශාසනා පිළිගැනීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් රෝග පිඩාවන්ට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. තෙල් සහ සීනි සහිත ආහාර පාන අද දවසේ වෘෂභ ලග්න හිමියන්ට අගුණයි. හැකියාවක් ඇතිනම් උදෑසනම වරක් හෝ ජයපිරිත සජ්ජායනා කරන්න.
මිථුන ලග්නය

අද දවසේ ඔබගේ දැනුම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. නොඑසේනම් අද දිනයේදී ඔබගේ දැනුම හැකියාව තුලින් අන් අය ප්‍රයෝජන ගන්නට පුළුවන්. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කල යුතු දිනයක්. බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න.
කටක ලග්නය

ඔබ ගනු ලබන තීන්දු තීරණ අද දිනයේදී ඔබගේ අනාගත තීන්දු තීරණ පහසුවෙන් සාර්ථක කරනවා ඇත. යුතුකම් වගකීම් වලට අනුගත වීම වැදගත් .අනාගතය දීප්තිමත් කරවන අන්දමේ සිදුවීම් සිදු වනු ඇත. උෂ්ණාධික රෝග පිඩා උදරයට හානිකර තත්වයන් උදා කරවන්නටද හැකියාව පවතිනවා.
සිංහ ලග්නය

සවස් භාගය වන විට ජය උදාපත් කරගන්නටනම් අද දිනයේදී ඔබ සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අද දවසේ සිංහ ලග්න හිමියන්ට ලැබීම් සඳහා ඉතාමත්ම ශුභයි. උදෑසනම සුරිය පිරිත වරක් හෝ සජ්ජායනා කිරීම ඉතාමත්ම වැදගත් බව මතක තබාගන්න.
කන්‍යා ලග්නය

අද දිනයේදී කන්‍යා ලග්න හිමි ඔබ ඉක්මන් තීන්දු තීරන ගැනීමේ ඉඩකඩක් පවතිනවා. අධික අනුකම්පාවෙන් යුතුව කටයුතු කිරීම ඔබට අවාසිදායක ලෙස බලපාන්නට පුළුවන්. බුද්ධිය පෙරදැරි කරගෙන අද දවසේ කටයුතු දියත් කිරීම ඉතාමත්ම වැදගත්. අස්ථි ආශ්රිත රෝග වලට ලක්වන්නට පුළුවන්.
තුලා ලග්නය

අද දිනයේදී කටයුතු වල නිරත වීමේදී සමානාත්මතාවය පෙරදැරි කරගෙන කටයුතු කරන්නට මතක තබාගන්න. ඔබ අද දිනයේදී අන් අයගේ චෝදනා අපහාස ආදියට ලක් වීමේ ඉඩකඩක් පවතිනවා. සැලකිලිමත් වන්න. ඔබගේ දුර්වලතාවන් සහ ශක්තින් තේරුම් ගෙන දවසේ කටයුතු දියත් කිරීම ඉතාමත්ම වැදගත්.
වෘශ්චික ලග්නය

අද දිනයේදී ඔබගේ පවුලේ සාමයට සහජීවනට එතරම් යහපත් තත්වයක් නොවෙයි උදාපත් කර පවතින්නේ. උදෑසන සිටම සමබරතාවයකින් යුතුව කටයුතු කරන්නට මතක තබාගන්න. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්. හිස ආශ්‍රිත ආබධතා ඇති වීමට හැකියාවක් පවතිනවා.
ධනු ලග්නය

බොහෝ විට ඔබ අද දිනයේදී සිතන්නේ ඔබට පසුගිය දිනවල පැවති මානසික ව්යාකුලතාවයන් පිළිබඳවයි. ඔබගේ විශ්වීය ශක්තිය ඔබට අද දිනයේදී වාසි සහගත ලෙස උපකාර වනවා. අතපසු වූ කටයුතු පහසුවෙන් සාර්ථක වනු ඇත. උදෑසන සිටම සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.
මකර ලග්නය

ඔබට අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුෂෝගයක් උදා වී පවතිනවා. ඉතාමත්ම යහපත් දිනයකි ඔබට උදාවී පවතින්නේ. කාන්තා පාර්ශවය සමග වැඩි ගනුදෙනු කිරීම එතරම් යහපත් නැත. ශුභම ශුභ දිනයක් බවට පහසුවෙන් පත් කරගන්නට හැකියාව පවතිනවා.
කුම්භ ලග්නය

ඔබ අද දිනයේදී දුරබැහැර ගමනක් බිමනක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටියානම් එවැනි කටයුතු සාර්ථක කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව පවතිනවා. විශේෂයෙන්ම විදේශගත ගමන් බිමන් පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගන්නට පුළුවන්. තුවාල ඇති වීමට හැකියාව ඇත.
මීන ලග්නය

ඔබ නොසලකා හරිනු ලබන සුළු සුළු අසනීප තත්වයන් වල විපාක අද සවස් වන විට ඔබට අත්විඳීමට සිදු වේවි. ඔබගේ ප්‍රතිශක්තිකරණය හීන වන ආකාරයක් අද දිනයේදී දක්නට පුළුවන්. රෝග පිඩා ආදියෙන් පිඩා විඳිනවානම් නිසි මාත්‍රාවට ඖෂධ ලබාගැනීම ඉතාමත්ම වැදගත් වේවි.

Loading...