2017 ජනවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Vogue collection shoot New Shoot
Piumi Srinayaka New Photo Shoot
Thushi Lakmali New Photo Shoot
Teena Shanell New Photo Shoot
akalanka ganegama wedding photo
mas vaddm
Loading...

2017 ජනවාරි මස 06 වන සිකුරාදා - අද දවස ඔබට කොහොමද?

January 6, 2017, 4:40 am   Views: 3943

මේෂ ලග්නය

අද දිනය ඔබට උදා වන්නේ එරාෂ්ඨකයක උච්චතම අවධිය උදාපත් කරවමින්. ඒ නිසා උදෑසන කාලපරිච්චේදය වාසනාවන්ත කාලපරිච්චේදයක් වනු ඇත. නමුත් සවස් කාලය තුල ඔබට විවිධ පීඩාකාරී තත්වයන් ඇති කිරීමට හැකියාවක් පවතිනවා. වෙළෙඳ කටයුතු වලට යහපත්.
වෘෂභ ලග්නය

ඔබගේ කටයුතු වෙනුවෙන් බොහෝ ඇප උපස්ථාන බොහොමයක් අද දිනයේදී බලාපොරොත්තු වීමට හැක. හවුල් ව්‍යාපාර කටයුතු වුවත් පහසුවෙන් සාර්ථක කරගැනීමටද හැකියාවක් පවතිනවා. විවාහ ජීවිතය ආශිර්ත කටයුතුද සාර්ථක කරගැනීමට හැකියි.
මිථුන ලග්නය

අද දිනයේ උදෑසන කාලය නිසි සැලසුමකට අනුව කටයුතු කිරීම ඔබ‍ට ඉතාමත්ම ශුභයි. එමෙන්ම ඔබට අද දිනය පුරාම සතුටින් සමාදානයෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතිනවා. සැලසුම්සහගත නොවුනහොත් සවස් භාගය වන විට බාධාකාරී තත්වයන් ඇති වීමට හැක.
කටක ලග්නය

අද දිනයේදී රුචක නැමති පංචමහා පුරුශයෝගයක ශක්තිය අද දිනයේදී ඔබට උදාපත් කරවනවා. ගෘහාශ්‍රිත කටයුතු දියුණු පමුණු කරගැනීමට හැකියාවක් පවතිනවා. අද දිනය අතිශය කාර්යබහුල දිනයක් ලෙසින් හඳුන්වන්නට හැක. වචන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.
සිංහ ලග්නය

අද දිනයේදී ඔබට එල්ලවන බාධක බොහොමයක් මැඩගෙන පහසුවෙන් ඉදිරියට යාමට හැකියාවක් පවතිනවා. ලිපිලේඛන කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් ඇත. ජලාශ්‍රිත කටයුතු වලින්ද ක්ෂණික මුදල් ප්‍රතිලාභ ලබාගැනීමට හැක.
කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබට යම්කිසි දියුණුවක් අපේක්ෂා කරන්නට හැකියාවක් පවතිනවා. ඒ වගේම නීති ක්ෂේත්‍ර සහ වචන භාවිතා කිරීමේ ක්ෂේත්‍ර වලටත් අද දිනය යහපත්. වගකීම් බහුල වන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට හැකියි. නිරවුල් මනසකින් කටයුතු කරන්න.
තුලා ලග්නය

අද දිනයේදී ඔබට අවලාද අපහාස ආදිය ඇති වීමට හැකියාවක් පවතිනවා. ඒ නිසා ඔබ භාරගත් කටයුතු නිසි ලෙසින් ඉටු කරන්නට අමතක කරන්නට එපා. අතිශය කාර්යබහුල ස්වභාවයක් අද දිනයේදී ඔබට ඇති කරවනවා. ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට මතක තබාගන්න.
වෘශ්චික ලග්නය

ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට අත්සන් තැබීම අද දිනයේදී ඔබට අවාසිදායක බවනම් කිව යුතුයි. බොහෝ සෙයින් සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. රාජ්‍ය කටයුතු වලට සම්බන්ධ උදවියට අද දිනය වැඩි වශයෙන් අවාසිසහගත වනවා ඇත.
ධනු ලග්නය

අද දිනය ඔබට උදාපත් වන්නේ ඒරාෂ්ඨක තත්වයක පීඩාකාරී භාවයද ඇති කරවමින්. නමුත් එක්තරා ආකාරයකට ශුභ ප්‍රතිඵල ඇති කරන ආකාරයක්ද ඇත. පොදු කටයුතු වලින් ඔබට ශුභ වනවා නොඅනුමානය. ජලාශ්‍රිත කටයුතු වලට ද යහපත් වනු ඇත.
මකර ලග්නය

අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා කරවමින් දවස උදාපත් වී පවතිනවා. ඔබට ඇති වන ඕනෑම බාධකයක් මැඩගෙන ඉදිරියට යාමට හැකියි. අන් අය නොහැකියි යයි අතහැර දැමු බොහෝ කටයුතු ඔබ සාර්ථකව ඉටු කර ප්‍රශංසා ලබනු ඇත.
කුම්භ ලග්නය

උදෑසන කාලය මෙන්ම සවස කාලයද එකලෙස කාර්යබහුල වනවා ඇත. අන් අය සමග කරන කටයුතු වලට වඩා ස්වාධීනව කරනු ලබන කටයුතු වලින් ඔබට සාර්ථකත්වය අත්පත් වනු ඇත. ගෘහාශ්‍රිත කටයුතු වලින් වුවත් ඔබට ආර්ථික ශක්තිය දියුණු කරගැනීමට හැකියි.
මීන ලග්නය

පිය පාර්ශවය සමග කරනු ලබන කටයුතු වලදී තරමක් සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම යහපත්. මවුපස ඥාතීන්ගෙන් ඔබට බොහෝ උදවු උපකාර ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. පරිගණක ආශ්‍රිත කටයුතු සාර්ථක වනවා නොඅනුමානයි.

Loading...