2017 මැයි මස 26 වැනි සිකුරාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Nisandi Kariyawasam New Photo Shoot
Udeni Attanayake New Photo Shoot
Shanu New Photo Shoot
Heshari Maheshi New Photo Shoot
Nawodha Dilukshani New Photo Shoot
madushani new photo shoot
Loading...

2017 ජනවාරි මස 07 වන සෙනසුරාදා - අද දවස ඔබට කොහොමද?

January 6, 2017, 8:22 pm   Views: 6112

මේෂ ලග්නය

අද දිනයේ විවේකය තරමක් අඩු වන ආකාරයක් දක්නට ලැබෙනවා. තමන් අවට සිටින පිරිස් නිසාවෙන් චරිතයට කීර්තියට තරමක් හානි සිදු වීමේ ඉඩක්දක්ද පවතින බව මතක තබාගන්න. සුළු අසනීප තත්වයකදී පවා එය නොසලකා හරින්නට එපා. ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්.
වෘෂභ ලග්නය

විශේෂිත කරුණක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට ඔබට සිදු වේවි. වෘෂභ ලග්න හිමියන්ට ඉතාමත්ම කාර්යබහුල කාලයකි උදාපත් වී ඇත්තේ. මැණික් සහ ස්වභාවික වස්තුන් සම්බන්ධව කටයුතු කරන උදවියට අද දිනය ඉතාමත්ම යහපත්.
මිථුන ලග්නය

අද දිනයේදී ඔබට ලේ ආශ්‍රිත රෝග පිඩා බහුල කරවන්නට හැකියාවක් පවතිනවා. විශේෂයෙන් තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වීමේ ආකාරයක් අද දිනයේදී පෙන්නුම් කරවනවා. පවුලේ දියුණුවට කැප වේ.
කටක ලග්නය

අද දිනයේදී රුචක නමැති පංචමහා පුරුශයෝගයකුත් උදා වී පවතිනවා. අධ්‍යාපන කටයුතු සහ වෘත්තීයමය දියුණුව වෙනුවෙන් ගනු ලබන තීරණ වලට අද දිනය ඉතාමත්ම යහපත්. තරග විභාග කටයුතු සාර්ථක කරගැනීමට හැකියාවක් පවතිනවා. ජයග්‍රහණ ඇත.
සිංහ ලග්නය

විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ට ගේ දොර ඉඩකඩම් යානවාහන ලබාගැනීමට බලාපොරොත්තුවක් පැවතුනානම් එම කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියි. මෙතුවක් කල් ගෙදරදොර කටයුතු වලට බාධාකාරී තත්වයන් පැවතුනානම් එම බාධාවන් දුරු වේ.
කන්‍යා ලග්නය

තමන්ට අහිමි වූ දෑ නැවත ලබාගැනීමට හැකියාවක් පවතිනවා. මෙතුවක් කල් යම්කිසි බඩුබාහිරාදියක් සොයමින් සිටියානම් ඒ ආකාරයටම ඒවා ලබාගැනීමටද හැකියාවක් පවතිනවා. නිලතල නම්බුනාම කන්‍යා ලග්න හිමියන්ගේ පිටුපසින් හඹා එන කාලයකි උදා වී ඇත්තේ.
තුලා ලග්නය

පංචමහා පුරුශයෝගයක් වන රුචක නමැති යෝගයක් උදා වී පවතිනවා. ධනය ,බලය ලඟා කරගැනීමට ඉතාමත්ම යහපත් කාලයකි උදා වී පවතින්නේ. අනුමානයට, අඩමානයට කරනු ලබන කටයුතු ඉතාමත්ම සාර්ථක වනු ඇත. යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කිරීම වැදගත්.
වෘශ්චික ලග්නය

අන් අය තමන්ගේ ඇසුර පතාගෙන එන ආකාර මෙන්ම පිරිස් සම්පත්තීන් ලබන්නටත් මේ කාලය ඉතාමත්ම ශුභයි. දේශපාලන කටයුතු වල නිරත වන වෘශ්චික ලග්න හිමියන්ට අනතුරු විපත් ආදියට ලක් වීමේ ඉඩකඩක් පවතින බැවින් තරමක් සැලකිලිමත් වන්න.
ධනු ලග්නය

ඔබට අද දිනයේදී එතරම් යහපත් තත්වයක් නෙවෙයි ගෙන දෙන්නේ. නීති කරදර ආදියට ලක් වීමේ ඉඩකඩ වැඩි බැවින් ඔබ කටයුතු කිරීමේදී දෙවරක් නොව කිහිප වරක් සිතා බලා කටයුතු කිරිම වැදගත්. මාර්ග නීති නිසි පරිදි පිළිපැදීම ඉතාමත්ම වැදගත්.
මකර ලග්නය

මහා බලගතු පරිවර්තන යෝගයක් උදා වී තිබෙනවා අද දිනයේදී. විශේෂයෙන් ධනය ලැබීම වලට ඉතාමත්ම යහපත්. එමෙන්ම තමන්ගේ කටයුතු අන් අයගේ සහයෝගය මතින් කරගෙන යාමට හැකියාව ඇත. ඔබගේ දියුණුවට කටයුතු යෙදෙනවා ඇත.
කුම්භ ලග්නය

අද දිනයේදී ඔබ කරන කියන කටයුතු සාර්ථක කරගැනීමට අනිවාර්යෙන්ම ඔබට හැකියාවක් පවතිනවා. එමෙන්ම ධනෝපායන මාර්ග කිහිපයක් ඔබට විවෘත වනු ඇත. සැලසුම්සහගත වීම මත සාර්ථකත්වය උදාපත් වනු නියතයි. තරමක් කාර්යබහුල දිනයකි.
මීන ලග්නය

ලෞකික ආශාවන් වලට වඩා ලෝකෝත්තර ආශාවන් බහුල කරවනවා. ආගමික නායකාදීන්ගේ ඇසුර නොමදවම ලැබෙන කාලයකි. වෙනදාට වඩා ඔබ කරන කියන කටයුතු පහසුවෙන් ඉවසීමෙන් කරගත හැකියි. තිබෙන්නාවූ අවහිරතාවයන් පහසුවෙන් මගහරවාගත හැක.

Loading...