2017 ඔක්තොම්බර් මස 17 වැනි අගහරුවාදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
nathasha perera new photo
Jeewan s 30th wedding anniversary moments
Dinakshi Priyasad Photo Shoot
madhuri sewwandi New Photo Shoot
Ceylon Majestic Pageant Mini Title Day
Biumali new photo shoot
Loading...

2017 ජනවාරි මස 08 වන ඉරිදා - අද දවස ඔබට කොහොමද?

January 7, 2017, 7:01 pm   Views: 5173

මේෂ ලග්නය

අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. නමුත් අද දිනයේදී ඔබගේ සිතුවිලි ධාරාවට එතරම් යහපත් තත්වයක් නොවෙයි උදාපත් කරවන්නේ. එමෙන්ම අද උදෑසනම චන්ද පිරිත වරක් හෝ සජායනය කිරීම ඉතාමත්ම ශුභයි.
වෘෂභ ලග්නය

අද දවසේදී ඔබ ඇස් දෙක පිනවන කටයුතු වලටනම් රැවටෙන්න එපා. බුද්ධිය යට ගොස් හැඟීම් ආදියට මුල් තැන දී කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. උදෑසනම තමන් අදහන කුමන හෝ ශාස්තෘවරයෙකුට තලතෙල් මිශ්‍ර පහනක් දැල්වීම ශුභයි.
මිථුන ලග්නය

ප්‍රේමය ආලය විවාහය ආශ්‍රිත ස්ථිර තීරණයන්ට එළඹෙන්නට ඔබට හැකියාව උදාපත් වේවි. වෙනදාට වඩා පවුලේ උදවිය සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නටද ඔබට හැකියාව උදාපත් වේවි. උදෑසන 09.11 ට උතුරු දිශාව බලා කටයුතු ආරම්භ කරන්න.
කටක ලග්නය

අද දිනයේදී ඔබට රුචක නමැති පංචමහා පුරුශයෝගයක් උදා වී පවතිනවා. නමුත් අද දවසේදී ඔබ කරන කියන කටයුතු තරමක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අද දිනයේ ඔබගේ සැලසුම්සහගත වීම මත බොහෝ කටයුතු සාර්ථක වනු ඇත.
සිංහ ලග්නය

සිංහ ලග්න ඔබ අද දවසේදී කටයුතු කරන විට ඔබගේ කතාබහ පිලිබඳවනම් අවධානය යොමු කරන්නට අමතක කරන්න එපා. බොහෝ විට ආවේගශීලි ගති ලක්ෂණ සිංහ ලග්න හිමියන්ට මතු වන්නට පුළුවන්. පවුලේ සමගියට,සහජීවනයට ද අහිතකරතා ඇති කරයි.
කන්‍යා ලග්නය

මේ වන තුරු ඔබගේ හිතේ තිබු සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට අද දිනයේදී ඔබට හැකියාව උදාපත් වේවි. සාර්ථකත්වය නමැති ශක්තිය අද දිනය පුරාවටම ඔබගේ වටා සැරිසරනු ඇත. විශ්ව ශක්තිය ඔබට අද දිනයේදී ජය උදා කරයි.
තුලා ලග්නය

බොහෝ විට අභියෝගාත්මක කටයුතු වලට නොබියව ඉදිරිපත් වීම නිසාවෙන් සවස් භාගය වනවිට දැඩි ආත්මශක්තියකින් යුතුව කටයුතු කල හැකියි. අන් අයට වඩා අත්දැකීම් ලබාගැනීමට අද දිනයේදී ඔබට හැකියාවක් ලැබේවි.
වෘශ්චික ලග්නය

අද දිනයේ උදෑසන සිටම නිසි පිළිවෙලකට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වනු ඇත. තිබෙන්නාවූ ජයග්‍රහණ විජයග්‍රහණයන් බවට පත් කරගන්නට චන්ද පිරිත මොර පිරිත වරක් හෝ සජ්ජායනා කිරීම ඉතාමත්ම වැදගත්. උදෑසන 09.21 ඔබගේ ශුභ වෙලාවයි.
ධනු ලග්නය

ඔබට අද දිනය ඉතාමත්ම ශුභයි. ලැබීම් සඳහා යහපත් වුවත් ධනු ලග්න හිමියන්ට රඳවාගැනීමේ දුර්වලතා ඇති වන්නට හැකියාවක් පවතිනවා. දුර දිග නොසිතා කරනු ලබන ආයෝජන වලට සහ දරනු ලබන වියදම් වලින් අහිතකරයි.
මකර ලග්නය

අද දිනයේදී ඔබට පංචමහා පුරුශයෝගයක් වන රුචක නමැති යෝගයක් උදා වී පැවතීම ඉතාමත්ම ශුභයි. අද දිනයේදී ඔබ ණය මුදලක් ගැනීමේදී මෙන්ම ණය මුදලක් දීමේදී ද දෙවරක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.
කුම්භ ලග්නය

අද දිනයේදී ඔබගේ ග්‍රහ පිහිටීම එතරම් හිතකරතාවයක් නොවෙයි ගෙන දෙන්නේ. විශේෂයෙන්ම රැකි රක්ෂා ආශ්‍රිතව අර්බුධකාරී වටපිටාවක් ඇති වන්නට හැකියාවක් පවතිනවා. රාජකාරින් නිසි පරිදි ඉටු කිරීම ඉතාමත්ම වැදගත්.
මීන ලග්නය

පවුලේ දියුණුවට සහ පැවැත්මට අවශ්‍ය ශක්තිය අද දිනයේ ඔබට උදාපත් වේවි. එමෙන්ම ඔබගේ ආගමික නැඹුරුව ද අද දිනයේදී වෙනදාට වඩා වැඩි වන ආකාරයක්ද දක්නට ලැබෙනවා. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්.

Loading...