2017 දෙසැම්බර් මස 17 වැනි ඉරිදා
c - c
Loading...
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Piumi Hansamali New Photo Shoot
Thushi Lakmali Actress New Photo Shoot
Irusha Hiruni New Photo Shoot
NeThu Rashmika New Photo Shoot
Nisansala Madushani New Photo Shoot
natasha roshel New Photo Shoot
Loading...

2017 ජනවාරි මස 09 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?

January 8, 2017, 6:48 pm   Views: 5333

මේෂ ලග්නය

අද දිනයේදී ඔබ සතු දෑ කැඩී බිඳී යාමේ හැකියාවක් පවතින බව මතක තබාගන්න. ඔබට පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගයක් උදා වී පවතිනවා. වගකීම් විරහිතව කටයුතු කරන බව කිව යුතුයි. පාඩු ඇති විය හැක.
වෘෂභ ලග්නය

තරග විභාග, සම්මුඛ පරීක්ෂණ වෘෂභ ලග්න හිමියන්ටනම් එතරම් අභියෝගයක් නොවනු ඇත. ආ ගිය තැන කැපී පෙනීමේ ගති ලක්ෂණ ඇති කරවනවා. හදිසි අනතුරු විපත් ආදිය ඇති වීමට ඉඩකඩ පවතින නිසා තරමක් සැලකිලිමත් වන්න.
මිථුන ලග්නය

ඉවසීම, උපේක්ෂා සහගත බව ප්රගුණ කරගැනීමේ හැකියාව මත ශක්තිය ධෛර්ය සිත තුල වර්ධනය කරගෙන සැහැල්ලුවෙන් කටයුතු කළ හැක. සෞඛ්‍ය පිඩාවන්ට ලක් වීමට ඉඩ ඇති බැවින් තරමක් සැලකිලිමත් වන්න. ආහාර පාන පාලනයෙන් යුක්තව ගැනීම වැදගත්.
කටක ලග්නය

අද දිනයේදී ඔබට කෙතරම් කරදර බාධා යෙදුනත් ඒ කරදර බාධා මධ්‍යයේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව උදා වේවි ඔබට. තිබෙන්නාවූ අර්බුධකාරී තත්වයන්ගෙන් මිදීමට හැකියාව ඇත. ඇඟිලි ආශ්‍රිත ආබාධතා ඇති වීමට හැකියි.
සිංහ ලග්නය

අද දිනයේදී ඔබගේ කටයුතු ඉටු කරගැනීමට ඔබ අවට සිටින උදවියගේ ශක්තිය බොහෝ ඉවහල් වන බවනම් කිව යුතුයි. ප්‍රභූ ඇසුර මෙන්ම රාජ්‍ය අංශයේ උසස් අයගේ උදවු උපකාර නිබඳවම ලැබෙන බවනම් කිව යුතුයි. ප්‍රේමය ආලය ජයගනියි.
කන්‍යා ලග්නය

අද දිනයේදී ඔබට භද්‍රා නමැති පංචමහා පුරුශයෝගයක් උදාවී පවතිනවා. බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරි යෝගයක් උදා වී පැවැතීමද ඉතාමත්ම ශුභයි. ආ ගිය තැන කැපී පෙනීමේ ගති ලක්ෂණ ඇති වන දිනයක් ලෙසින් අද දිනය හඳුන්වන්නට පුළුවන්.
තුලා ලග්නය

අද දිනයේදී මුල්‍ය ගනුදෙනු ආදිය සිදු කිරීමේදී තුලා ලග්න හිමියන් තරමක් සැලකිලිමත් වීම වැදගත්. නිශ්ඵල වියපැහැදම්, නිෂ්ඵල ගමන් බිමන් ඇති කරවන බව කිව යුතුයි. වම් අත ආශ්‍රිත ආබාධතා ඇති වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.
වෘශ්චික ලග්නය

අද දිනය ලැබීම් සඳහා වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත්ම ශුභ දිනයක් ලෙසින් දැක්විය හැක. පසුගිය කාලය තුල ඔබට තිබුනාවූ මුල්‍ය අර්බුධ පහසුවෙන් දුරු කරගැනීමට ද ඔබට හැකියාව උදාපත් වනු ඇත. දේශයෙන් පිට ගනුදෙනු සාර්ථක වනු ඇත.
ධනු ලග්නය

අද දිනයෙදී ඔබට පංචමහා පුරුශයෝගයක් වන භද්‍රා නමැති යෝගයක් උදා වී පැවතීම ඉතාමත්ම යහපත්. ඔබට ධර්ම කර්මාධිපති නමැති මහා බලගතු රාජයෝගයක් උදා වී පවතිනවා. සිහින යාතාර්ථයක් බවට පත් වන දිනයක් ලෙස දැකිය හැක.
මකර ලග්නය

ඔබට අද දිනය උදා වන්නේ පංචමහා පුරුශයෝගයක් වන මාලවී නමැති යෝගය උදා කරවමින්. පෙර පින් පල දෙන දිනයක් ලෙසින් හඳුන්වන්නට හැකියාව පවතිනවා. උසස් අය ඔබගේ කටයුතු වලට උදවු කරන, යහපත් ප්‍රතිචාර ලැබෙන දිනයකි.
කුම්භ ලග්නය

අද දිනයේදී කුම්භ ලග්න හිමියන්ට ප්‍රභල ධනයෝගයක් උදා වී පවතිනවා. විශේෂයෙන් තමන් උදෑසන කාලයේ සිට කරනු ලබන කටයුතු නිත්‍යානුකුලව සිදු කිරීම ඉතාමත්ම වැදගත්. රැවටීම්, මුලාවේ වැටීම් වලට ඉඩකඩ වැඩියි.
මීන ලග්නය

අද දිනයේදී ඔබට භද්‍රා යෝගය උදාවී පැවතීම ඉතාමත්ම යහපත්. පසුගිය දිනවල ඔබට පැවති සෞඛ්‍ය ආබාධතා දුරු වී යන කාලච්චේදයකි උදා වී පවතින්නේ. මීන ලග්න හිමියන්ට අද දිනයේදී තමන්ගේ අභියෝග සාර්ථකව ඉටු කරගත හැක.

Loading...