2017 ජනවාරි මස 18 වැනි බඳාද
c - c
c c c c
Loading...
Recently updated videos
Recently updated mp3
 Kathandare - Kaizer Kaiz  Man Pathanawa - Ashan Frenando  Thanikadai Thama Man - Viraj Perera  Waradak Kiyanne Na Obata Ma - Dimanka Wellalage  Dela Nuwan Langa Tiyana - Dayan Witharana & Nilakshi Gunatilake  Obamada Me Hithata Mage - Dimanka Wellalage  Dukama Windala Oya Hinda - Ruwan Hettiarachchi
Recenly added Actress and Model Photos
Geethma Alviz New Photo Shoot
Piumi Hansamali New Photo
Thushi Lakmali Actress New Photo Shoot
Natasha Roshel New Photo Shoot
dilsha new photo shoot
NeThu Rashmika New Photo Shoot
Loading...

2017 ජනවාරි මස 10 වන අඟහරුවාදා - අද දවස ඔබට කොහොමද?

January 9, 2017, 7:53 pm   Views: 6393

මේෂ ලග්නය

අන් අයගේ ආකර්ශණයට ලක්වන දිනයකි. අතගසන සෑම ශුභ කටයුත්තක්ම ඉතා පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. ජීවිතයට අළුත් බලාපොරොත්තු එකතුකරගැනීමට හැකියාව ලැබේ. වැඩිහිටියන්ගේ සහයෝගය ලැබේ. පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල යම් පසුබෑමක් ඇතිවීමට ඉඩ ඇත. තරඟ විභාග වලින් ජය ලැබේ.
වෘෂභ ලග්නය

රැකියා කටයුතු වල තිබුණු ව්‍යාකූල තත්වයන් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබේ. අළුත් වගකීම් පැවරෙන බැවින් ඒවා නිසි පරිදි ඉටු කිරීමට උනන්දු විය යුතුයි. ඒසේ කලහොත් අනාගතය සඳහා එය හොඳ අත්තිවාරමක් විය හැකියි. පපුව ආශ‍්‍රිත උෂ්ණගති රෝග උත්සන්න වීමට ඉඩ ඇත.
මිථුන ලග්නය

වික‍්‍රමාන්විතව කටයුතු වලට යොමු වන දිනයක්. අනවශ්‍ය පීඩාකාරී ස්වභාවයන් ඇතිවීමටත් ඉඩකඩ ඇති දිනයක් නිසා අනවශ්‍ය, ඔබට අදාල නොවන ප‍්‍රශ්න වලට මැදිහත් නොවී සිටීම යහපත්. නිසි සැලැස්මක් අනුව කටයුතු කලහොත් සාර්ථක දිනයකි. අන් අය විශ්වාස කර අත්සන් යෙදීමෙන් අසුභ ඵල ගෙනදේ.
කටක ලග්නය

මිශ‍්‍ර ඵල ගෙන දෙන දිනයකි. අන් අය විශ්වාස කර සිදුකරන කටයුතු වලින් ජයග‍්‍රහණයට වඩා පරාජයන් ලැබිය හැකි දවසකි. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමට සිදුවේ. කතා කරන වචන පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දුරදිග නොබලා කියන දේවල් නිසා අනවශ්‍ය වගකීම් ඔබ පිට පැවරීමට සහ ඒවායේ ප‍්‍රතිඵල අනාගතයටද බල පැවැත්වීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් එම අවස්ථා වලට මුහුණදෙන්න. කෙටි ධන ලාභ ලැබෙන දිනයකි.
සිංහ ලග්නය

ආගමානුකූල සිතුවිලි ජනිත වේ. ආගමික කටයුතු වලට උදව් කිරීමට පෙළඹේ. ඒ නිසා කෙටි ගමන් බිමන් යෙදීමත්, ඒ හේතුවෙන් අනවශ්‍ය පීඩාකාරී ස්වාභාවයක් ඇති විය හැකිය. හවුල් කටයුතු වලින් සාර්ථක ඵල ලැබේ. ආර්ථික ශක්තිය වැඩිවන, සතුට සාමය පවතින දවසකි.
කන්‍යා ලග්නය

ලැබීම් ඉහල යන දිනයකි. ඔබේ කටයුතු වලට අන් අයගේ සහාය නිරායාසයෙන් ලැබේ. ඥාතීන්ගේ අනපේක්ෂිත පැමිණීමක් හෝ ඔවුනගේ සහාය ලැබීමට හෝ ඉඩ ඇත. විදේශ සබඳතා වැඩි දියුණු වේ. සතුරු කරදර දුරු කරගැනීමට හැකියාව ලැබේ. ආමාශගත රෝග උත්සන්න වීමට ඉඩ ඇත.
තුලා ලග්නය

පීඩාකාරී ස්වභාවයන් ඇති වේ. අනව්‍යශ වියදම් ඉහළ යයි. අන් අය විශ්වාස කර සිදුකරන කටයුතු නිසා අවලාද අපහාස උපහාස ඇසීමට සිදුවේ.ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ අවබෝධ වන දිනයකි. අන් අයට උදව් උපකාර කිරීමට සිත යොමුවේ.
වෘශ්චික ලග්නය

පෞර්ශය වර්ධනය වන දිනයකි. අන් අයට පහසුවෙන් කල නොහැකි කටයුතු ඉතා උනන්දුවෙන් කැපවීමෙන් ඉටු කරන්න පෙළඹෙන දිනයකි. ඒ නිසා ආයතන ප‍්‍රධානීන්ගේ උසස් නිලධාරීන්ගේ ඇගයීමට පැසසීමට ලක්වේ. අළුත් වගකීම් පැවරෙන දිනයකි. පේ‍්‍රම සබඳතා වලදී හිත චංචල වේ. විවාහ කටයුතු වලට නුසුදුසු දිනයකි. වචන භාවිතා කරන වෘත්තීන්වල නියැලෙන අය වඩාත් කල්පනාකාරීව කටයුතු කල යුතු දිනයකි.
ධනු ලග්නය

බලාපොරෙත්තු වන දේවල් ඒ ආකාරයෙන්ම ඉටු වේ. ඔබ වටා අන් අය එක්වන දිනයකි. ජීවිතයට අළුත් බලාපොරොත්තු එකතු කරගත හැකිවේ. අසල්වාසීන් සමග එක්ව කරන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. සහෝදරයින්ගේ සහ පිය පාර්ශවයේ ඥාතීන්ගෙන් උපකාර ලැබේ. ජීවිතයට අළුත් බලාපොරොත්තු එකතු කරගත හැකිවේ. උපදේශණාත්මක වෘත්තීන් වල නියැලෙන අයට ශුභයි.
මකර ලග්නය

තමන් පිළිබඳ විශ්වාසය තබා කටයුතු කල යුතු දිනයකි. මානව සම්පත් කළමනාකරනය, ඇඟළුම් සහ ඉදිකිරීම් කටයුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමේ කටයුතු වලින් ආදායම් වැඩිකර ගත හැකිය. අධ්‍යාපනික කටයුතු අඩාලවීමට ඉඩ ඇත. කොන්ද, තුනටිය ආශ‍්‍රිත රෝග තත්ව වලින් දවසේ කටයුතු වලට බාධා ඇතිවිය හැකිය.
කුම්භ ලග්නය

සුළු පසුබෑම් ඇතිවිය හැකිය. ගෘහාශ‍්‍රිත කටයුතු වලට උනන්දුවක් ඇති වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන වල රැුකියා කරන අයට ශුභයි. මූල්‍ය පරිපාලන, ගිණුම්කරණ කටයුතු වලින්ද ශුභ ඵල ලැබේ.
මීන ලග්නය

සුභ සහ අසුභ ඵල එකවිට ලැබේ. ජීවිතයේ අනිත්‍ය වඩාත් අවබෝධ වන දිනයකි. පාද, කොන්ද සහ තුනටිය ආශ‍්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇත. ඒ නිසා දෛනික කටයුතු වලට බාධා ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කල යුතු වේ.

Loading...